- නින්දෙන් අවදි වූ තත්ත්වයක පසු නොවුව ද වුළුෑ ධෝවනය ආරම්භ කිරීමේ දී භාජනයට දෑත් දැමීමට පෙර සෝදා ගැනීම සතුටුදායකය. නමුත් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අයකු නම්, දෑත් සෝදා ගැනීම ඔහුට අනිවාර්යය වේ.
- අවබෝධය හා ගැඹුරු දැනුම වෙත යොමු කරන ආකාරයේ කෙටි මාර්ග ශිෂ්‍යා ඉදිරියේ ගුරුවරයා උපයෝගි කළ යුතුය. ප්‍රායෝගික ක්‍රමය හරහා ඉගැන්වීම ද එක් මාර්ගයකි.
- නැමදුම් ඉටු කරන්නා, ලෞකික කටයුතුවල තමන් නිරත කරවීමේ සිතුවිලි දුරු කර ගත යුතුය. සලාතයේ සම්පූර්ණත්වය සහ පරිපූර්ණත්වය පවතින්නේ එහි දී තුළම සිත යොමු කිරීම හමුවේය. එසේ නොමැති නම්, සිතුවිලි වලින් ආරක්ෂා විය නොහැකිය. එබැවින් ඔහු තමාට එරෙහිව සටන් කළ යුතු අතර එයින් ඉවතට නොයා යුතුය.
- වුළූ ධෝවනයෙහි තම දකුණතට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම.
- කට සේදීම, නාසය පිරිසිදු කර සීරීම යනාදිය අතර අනුපිළිවෙල පවත්වාගෙන යාම ආගමානුගත කරන ලද්දකි.
- මුහුණ, අත් දෙක හා පාද දෙක තුන්වරක් බැගින් සේදීම සතුටු දායක වන අතර එක් වරක් සේදීම අනිවාර්යය වේ.
- හදීසයේ සඳහන් ක්‍රමයට අනුව වුළූ ධෝවනය හා රකාත් දෙක එකට පෙළගැසුනේ නම්, පෙර කළ පාපයන් සඳහා අල්ලාහ්ගේ සමාව ඒ තුළින් හිමිවනු ඇත.
- වුළූ ධෝවනයේ දී සෑම අවයවයකටම සීමාවන් ඇත. මුහුණෙහි සීමාව වනුයේ: සුපුරුදු පරිදි ඉදිරි හිස කෙස් වැවෙන ස්ථානයේ සිට යටි රැවුල හා නිකට දක්වා පහළටත්, එක් කනේ සිට අනෙක් කන දක්වා හරහටත් ය. අතේ සීමාව වනුයේ: ඇඟිළි තුඩු සිට වැළමිට දක්වාය. එනම් බාහුව හා අත අතර පවතින සන්ධියයි. හිසෙහි සීමාව වනුයේ සුපුරුදු පරිදි හිසකෙස් වැවෙන ස්ථානයේ සිට පසුගෙලට ඉහළ දක්වා මුහුණට අනුගත වන ප්‍රදේශයයි. කන්දෙක ජලයෙන් පිරිමැදීම ද හිසෙන් වූ කොටසකි. පාදයේ සීමාව වනුයේ, පාදය හා කෙණ්ඩය අතර පවතින සන්ධියත් (වළලු කර) සමග වූ කොටසයි.