- වුළූ ගන්නා අවස්ථාවේ දෙපා සේදිය යුතුය. මස්හු කිරීම ප්‍රමාණවත් වී නම් විළුඹ සේදීම අත්හරින්නාට අපා ගින්න පිළිබඳ අවවාද නො කරන්නට තිබුණි.
- සේදීමට අවශ්‍ය අවයව මුළුමණින්ම ආවරණය කොට සේදිය යුතුය. පිරිසිදු කිරීමට අනිවාර්යය වූ සුළු කොටසක් හෝ උවමනාවෙන් හා නොසැලකිලිමත් කමින් අත්හැර දමන්නාගේ සලාතය වලංගු වන්නේ නැත.
- නොදැනුවන් උදවියට ඉගැන්වීමේ හා මග පෙන්වීමේ වැදගත්කම.
- අනිවාර්යය වගකීම් හා සුන්නාවන් පැහැර හැරීම සම්බන්ධයෙන් තමන් දකින දෑ, ඊට ගැලපෙන ක්‍රමවේදයකින් ලෝකය ප්‍රතික්ෂේප කරයි.
- මුහම්මද් ඉස්හාක් අද්-දහ්ලවී තුමා මෙසේ පවසයි: ක්‍රම තුනක් මත පූර්ණත්වය පිහිටිය යුතුය. ෆර්ළ් හෙවත් අනිවාර්යය දෑ: අදාළ ස්ථානය එක් වරක් ආවරණය කරන අයුරින්ද සේදිය යුතුය. සුන්නා හෙවත් (නබි තුමාණන්ගේ) අමතර දෑ: තුන් වරක් සේදීමය. මුස්තහබ් හෙවත් සතුටුදායක දෑ, එනම් තුන්වරක් සේදීමත් සමග වැඩි පුර වරක් සේදීමය.