- වුළුෑ හා ස්නානය කරන ජලය කළමනා කිරීම ආගමානුගත කරුණකි. එමෙන්ම ජලය පහසුවෙන්ම ලබා ගත හැකි වුව ද එය අපතේ නාස්ති නොකළ යුතුය.
- වුළූ දෝවනය හා ස්නානය සඳහා අවශ්‍ය ප්‍රමාණයට අනුව ජලය අඩුවෙන් භාවිත කිරීම යෝග්‍යය. සැබැවින්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීමය.
- මෙහි අරමුණ වනුයේ, වුළු ගැනීමේ දී හා ස්නානය කිරීමේ දී ඒවාට අදාළ සුන්නාවන්, විනයන් ගැන සැලකිලිමත් වෙමින් නාස්තියෙන් තොරව අරපිරිමැස්මෙන් ජලය භාවත කිරීම ය. එමෙන්ම කාලය, අධික ජලය තිබීම, එය අඩුවීම යනාදී වෙනත් කරුණු ද සැළකිල්ලට ගත යුතුය.
- ජනාබත් තත්ත්වය යනු ශුක්‍රාණු පිට කළ හෝ සංසර්ගයේ නිරත වූ අය සඳහා භාවිත කරනු ලැබේ . මෙලෙස නම් තබනු ලැබ ඇත්තේ ඉන් පිරිසිදු වන තෙක්, අදාළ තැනැත්තා සලාතයෙන් හා සෙසු නැමදුම් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතු බැවිනි.
- 'සාඃ' යනු මිණුම් ඒකකයකි. මින් අදහස් කරනුයේ නබි තුමාගේ සාඃ මිණුම් ඒකකයි. එය නැවුම් තිරුඟු ඇට (480ක) බර ය. ලීටර් වලින් (ලීටර් 3ක) දාරිතාවය.
- 'මුද්දු' යනු, ආගමේ සඳහන් මිණුම් ඒකකයකි. එනම් සාමාන්‍ය මිනිසෙකුගේ දෝත පුරවා අත් දෙක දිගුහරින විට එහි පිරෙන ජල ප්‍රමාණයයි. මුද්දු යනු විද්වතුන්ගේ සම්මත මතය අනුව සාඃ ඒකකයෙන් හතරෙන් එකකි. එහි ප්‍රමාණය මිලී ලීටර 750 කි.