- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බව සාක්ෂි දැරීමේ තේරුම වනුයේ: නැමදුම් කිරීම අල්ලාහ්ට පමණක් වෙන්කිරීම හා ඔහු හැර වෙනත් දෑ නැමදුම් කිරීම අත්හැර දැමීමය.
- සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීමේ තේරුම වනුයේ: එතුමාණන් හා එතුමාණන් ගෙන ආ දෑ විශ්වාස කිරීම, එතුමාණන්ව සහතික කිරීම හා සැබැවින්ම එතුමා මිනිස් වර්ගයා වෙත එවන ලද අවසන් දූතයා බව විශ්වාස කිරීමය.
- විද්වතෙකු සමග කතා කිරීම, නූගතෙකු සමග කතා කරන්නාක් මෙන් සමාන වන්නේ නැත. "ඔබ ආගම් ලද පිරිසක් වෙත යන්නෙහිය" යැයි තම ප්‍රකාශයෙන් නබි තුමාණෝ එතුමාව දැනුවත් කළේ එබැවිනි.
- සැකකරන්නන්ගේ සැක දුරුකරලීම සඳහා මුස්ලිම්වරයෙකු තම ආගම පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම. එය දැනුම සොයා යාමෙන් විය යුත්තකි.
- අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඇවෑමෙන් පසු යුදෙව් හා කිතුනුවන්ගේ ආගම නිෂ්ඵල වීම. සැබැවින්ම ඔවුන් ඉස්ලාම් ආගම තුළට පිවිසෙන තෙක්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කරන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ජයග්‍රාහී පිරිස අතරට පත් වන්නේ නැත.