- වුළුෑ ධෝවනය, එහි සුන්නතයන් හා එහි විනයන් හැදෑරීමට හා ඒ අනුව කටයුතු කිරීමට දිරි ගැන්වීම.
- වුළූ ධෝවනයෙහි මහිමය. සැබැවින්ම එය සුළු පාප වලට ප්‍රතිකර්මයක් වේ. මහා පාප වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතු වේ.
- වැරදි පහව යෑමේ කොන්දේසියක් වනුයේ වුළූ ධෝවනය පූර්ණවත් කිරීම හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළ පරිදි එහි කිසිදු හිඩසක් නොතබා ඒ අයුරින්ම පිළිපැදීමය.
- සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමේ කොන්දේසිය වනුයේ තමන් මහා පාපකම්වලින් වැළකී සිටිම හා ඒ සඳහා තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නුඹලාට කවර කරුණක් තහනම් කළේ ද එවන් මහා පාපයන්ගෙන් නුඹලා වැළකී සිටියෙහු නම් අපි නුඹලාගේ වැරදි නුඹලාගෙන් පහ කරන්නෙමු." (අන්-නිසා: 31)