- අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ආදරයේ විශාලත්වය. පුද්ගලයෙකු කුමන පාපයක් කළත්, ඔහු කුමක් කළත්, ඔහු පසුතැවිලි වී අල්ලාහ් වෙත හැරෙන්නේ නම්, අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙනු ඇත.
- උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කරන්නා තම පරමාධිපතිගේ සමාව බලාපොරොත්තු වන අතර ඔහුගේ දඬුවමට බිය වෙයි. එබැවින් ඔහු පසුතැවිලි වීමට යුහුසුළු වන අතර පාපය මත දිගටම රැඳී සිටින්නේ නැත.
- විධිමත් තව්බාවක තිබිය යුතු කොන්දේසි: පාපයෙන් ඉවත් වීම, ඒ ගැන කණගාටු වීම හා එම පාපය වෙත නැවත යොමු නොවන බව ස්ථීර කර ගැනීමය. ගැත්තන්ගේ ධනය, මාන්‍යය හා ජීවිතය සම්බන්ධයෙන් වූ අපරාධයක් සඳහා තව්බාව පිහිටියේ නම්, සිව්වැනි කොන්දේසිය අමතරව එකතු වනු ඇත. එනම්: අයිතිය අදාළ හිමිකරුගෙන් වෙන්වීම හෝ ඔහුට ඔහුගේ අයිතිය ලබා දීමය.
- ආගමික කටයුතු පිළිබඳ දැනුමැත්තෙකු බවට තම ගැත්තාව පත් කරන අල්ලාහ් පිළිබඳ වන දැනුමේ වැදගත්කම. වැරදි කරන සෑම අවස්ථාවකම ඔහු සමාව දෙයි. එබැවින් මිනිසා බලාපොරොත්තු සුන් කර නොගත යුතු අතර ඉක්මවා කටයුතු නොකළ යුතුය.