- උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව, සමාව හා භාග්‍යයේ විශාලත්වය.
- ඒක දේව වාදයේ මහිමය. අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරන්නන් හට ඔවුන්ගේ පාපකම් හා වැරදි වලට ඔහු සමාව දෙන්නේය.
- ෂිර්ක් හෙවත් දෙවියන්ට ආදේශ තැබීමේ බරපතලකම. සැබැවින්ම අල්ලාහ් තමන්ට යමක් ආදේශ කරන්නන් හට සමාව දෙන්නේ නැත.
- ඉබ්නු රජබ් තුමා මෙසේ පවසයි: "පාපකම් සඳහා සමාව ලබන්නට හේතු සාධක තුනක් මෙම හදීසයේ ඇතුළත්ව ඇත. පළමුවැන්න: යහපත් බලාපොරොත්තුවෙන් යුතුව ප්‍රාර්ථනා කිරීම, දෙවැන්න: පාපක්ෂමවා අයැදීම හා පසුතැවිලි වීම. තුන්වැන්න: අල්ලාහ්ගේ ඒකීයභාවය විශ්වාස කළ තත්ත්වයේ මරණයට පත්වීම.
- මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගෙන් දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වන නමුත්, එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, එය පිවිතුරු කිරීම, අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරීම, ප්‍රාතිහාර්යක් ලෙස ගෙනහැර පෑම හා වැනි සෙසු දැයින් වෙන්කර දක්වන අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
- පාපකම් වර්ග තුනකි. පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීමය. අල්ලාහ් මෙයට සමාව දෙන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය" දෙවැන්න: තමන් හා තම පරාමාධිපති අතර පවතින පාපකම් හා වැරදි සිදු කිරීම තුළින් ගැත්තා තමන්ටම අපරාධ කර ගැනීම. අල්ලාහ් ඒ සඳහා ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් එය ඉවත් කරනු ඇත. තුන්වැන්න: ඔහුගේ ගැත්තන් ඇතැමෙකු විසින් ඇතුමෙකුට හිංසා, අපරාධ කිරීම. එවිට කිසාස් හෙවත් සමප්‍රතිචාර දැක්විය යුතුය.