- "ලා ඉලාහ ඉල්ලල්ලාහු" යන පාඨය උච්චාරණය කිරීම හා අල්ලාහ් හැර නැමදුම් ලබන
- අන් සියලු දෑ ප්‍රතික්ෂේප කිරීම ඉස්ලාමය තුළට පිවිසීමේ කොන්දේසියක් වන්නේය.
- "ලා ඉලාහ ඉල්ලල්ලාහු" යන්නෙහි තේරුම අල්ලාහ් හැර නැමදුම් ලබන ප්‍රතිමා, සොහොන් හා වෙනත් දෑ ප්‍රතික්ෂේප කිරීම හා නැමදුම සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් වෙන් කිරීමය.
- කවරෙකු ඒක දේව වාදය විශ්වාස කර, එහි පිළිවෙත් මතුපිටින් පිළිපදින්නේ ද ඔහු ඊට පටහැනිව යමක් සිදු කර ඇති බවට පැහැදිළි වන තෙක් ඔහුගෙන් වැළකී සිටීම බලධාරීන්ට අනිවාර්යය වේ.
- සාධාරණ හේතුවකදී හැර මුස්ලිම්වරයාගේ ධනය, ජිවිතය හා මාන්‍යය ආරක්ෂා විය යුතුය.
- මෙලොවෙහි තීන්දු ලබා දිය යුත්තේ මතුපිට පෙනෙන දෑ පදනම් කර ගෙනය. ඔවුන්ගේ පරමාර්ථයන් හා අධිෂ්ඨානයන් සම්බන්ධයෙන් මතුලොවෙහි තීන්දු දෙනු ලබනු ඇත.