- "කළා" හෙවත් තීන්දුව හා "කද්ර්" හෙවත් ඉරණම හෝ පෙර නියමය ගැන විශ්වාස කිරීමේ අනිවාර්යය භාවය.
- කද්ර් යනු: කරුණු පිළිබඳ දැනුම, ඔහුගේ ලියවිල්ල, ඔහුගේ අභිමතය හා ඒවාට අනුකූල වූ ඔහුගේ මැවීමයි.
- අහස් සහ මහපොළොව මැවීමට පෙර ඉරණම හෝ පෙර නියමය ලියා ඇති බවට වූ විශ්වාසය තෘප්තිය හා යටත් වීම ගෙන දෙනු ඇත.
- මහා කාරුණිකයාණන්ගේ දේවාසනය අහස් හා මහපොළොව මැවීමට පෙර ජලය මත විය.