- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දූත පණිවිඩය ලොව සියලු දෙනා හට කෙරෙන පොදු ඇරයුමක් විය. එතුමාණන්ව අනුගමනය කිරීම අනිවාර්යවේ. එතුමාණන් ගෙන ආ පිළිවෙත සෙසු සියලු පිළිවෙත් සංශෝධනය කළේය.
- කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ප්‍රතික්ෂේප කළේ ද, එතුමාණන් හැර වෙනත් නබිවරුන් පිළිබඳව පවතින ඔහුගේ ස්ථීර විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන් සියලු දෙනා හටම අල්ලාහ්ගේ ආශිර්දය ලැබේවා!
- කවරෙකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන දැන ගන්නට නොලැබුණේ ද. ඉස්ලාමයේ ඇරයුම ඔහු වෙත ළඟා නොවූයේ ද එවැන්නන් හට නිදහසට කරුණ ඇත. එවැනි අයගේ විෂයය මතුලොවෙහි අල්ලාහ් වෙතම පවතී.
- මරණයට සුළු මොහොතකට පෙර වුව ද, ප්‍රාණය උගුරු දණ්ඩ දක්වා ළඟා නොවුණු තත්ත්වයේ දැඩි රෝගාබාධයකින් පෙළුණ ද ඉස්ලාමය ප්‍රයෝජනවත් වන බව සහතික කෙරේ.
- දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ධර්මය නිවැරදි යැයි සහතික කිරීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. යුදෙව් හා කිතුනුවන් ද ඒ අතරින් වෙති.
- මෙම හදීසයේ යුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රජාවන්ටත් ඇඟවීමක් කරමිනි. ඊට හේතුව යුදෙව්වන් හා කිතුනුවන් ආගම් ලත් ජනයා වීමය. ඔවුන්ගේ කරුණම එසේ නම්, ආගම් නොලැබූ සෙසු ජනයාගේ තත්ත්වය ඊටත් වඩා බරපතලය. ඔවුන් සියලු දෙනාම එතුමාණන්ගේ පිළිවෙතට පිවිසිය යුතු අතර එතුමාණන්ට අවනත විය යුතුය.