- සත්ව පිට මත තම පසුපසින් මුආද් තුමා පවා නංවාගෙන යන තරමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ නිහතමානීකම.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ ක්‍රමය. එතුමාණන් පවසන්නට යන දෑ ගැන දැඩි සේ අවධාරණය කරනු පිණිස එතුමාණෝ මුආද් තුමාට කිහිප වරක්ම අමතමින් සිටියහ.
- "ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්" නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් වේ යන සාක්ෂි ප්‍රකාශයෙහි කොන්දේසියක් වනුයේ එය පවසන්නා කිසිදු සැකයකින් හෝ ව්‍යාජත්වයකින් තොරව ස්ථීරව අවංක ලෙසින් එය පැවසීමය.
- ඒක දේවත්වය විශ්වාස කළ ජනයා අපා ගින්නේ සදාතනිකයින් නොවනු ඇත. සැබැවින්ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් එහි පිවිසුණ ද ඔවුන් පිරිසිදු වූ පසුව ඉන් බැහැර කරනු ලැබේ.
- සාක්ෂියේ ප්‍රකාශ දෙක අවංකව පවසන්නා සතු මහිමය.
- යමක් දූෂණයට හේතු වුවහොත් ඇතැම් අවස්ථාවලදී ඒ ගැන කතා කිරීමෙන් ඉවත් සිටීමේ අනුමැතිය.