- නබි පිළිවෙත පිළිපැදීමේ හා එය අනුගමනය කිරීමේ වැදගත්කම.
- උපදෙස් පිළිබඳ සැළකිලිමත් වීම සහ සිත් සන්සුන් කර ගැනීම.
- එතුමාණන්ගෙන් පසුව කුලෆාඋර් රාෂිදූන් හෙවත් යහමග ලැබූ සිව් මහා පාලකයින් අනුගමනය කිරීමේ නියෝගය. එම සිව් මහා පාලකයින් වනුයේ, අබූ බක්ර්, උමර්, උස්මාන් සහ අලී (ඔවුන් සියලු දනන් අල්ලාහ් පිළිගනිත්වා!) යන අය වෙති.
- දහම තුළ අලුත් කරුණු නිර්මාණය කිරීම ගැන තහනම, අලුතින් නිර්මාණය කරනු ලබන සෑම දෙයක්ම මුළාවකි.
- පාපකාරී කටයුතුවල දී හැර අන් සියලු කටයුතුවලදී මුඃමින්වරුන්ගේ කටයුතු භාරව සිටින්නන් හට සවන් දීම හා අවනත වීම.
- සියලුම වේලාවන්හි හා අවස්ථාවන්හි සර්ව බලධාරී අල්ලාහ් කෙරෙහි වන භක්තිමත් භාවයේ හා සිහියේ වැදගත්කම.
- මෙම සමාජය තුළ මත ගැටුම් ඇතිවනු ඇත. එසේ සිදුවන අවස්ථාවන්හි අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිවෙත හා කුලෆාඋර් රාෂිදූන්වරුන්ගේ පිළිවෙත වෙත යොමු විය යුතුය.