- මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..අල් ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් අල් කුර්ආනයේ ලක්ෂණ මෙන් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි විශේෂත්වයක් එහි නැත.
- අල්ලාහ්ගේ හිත මිතුරන්ට හිංසා කිරීමෙන් වැළැක්වීම, ඔවුනට ආදරය කිරීමට උනන්දු කරවීම හා ඔහුගේ මහිමය පිළිගැනිම.
- අල්ලාහ්ගේ සතුරන් සමග සතුරු වීමට නියෝග කිරීම හා ඔවුන් හිතමිතුරන් ලෙස ගැනීම තහනම් කිරීම.
- ෂරීආ පිළිවෙත අනුගමනය කිරීමෙන් තොරව තමන් අල්ලාහ්ගේ හිතවතුන් බව වාද කරන්නා මුසාවාදියෙකි.
- නියම කරන ලද ක්‍රියාවන් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද ක්‍රියාවන් අත්හැරීමෙන් අල්ලාහ්ගේ හිතවත්භාවය හිමි කර ගනු ඇත.
- නියම කරන ලද දෑ ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් පසුව ගැත්තාට අල්ලාහ් ආදරය කරන ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙන හේතු සාධක අතරින් අතිරේක ක්‍රියාවන්හි නිරත වීමද එකකි.
- 'අව්ලියා' හෙවත් දේව හිතමිතුරන්ගේ මහිමය හා ඔවුන්ගේ නිලයේ උසස්භාවය පෙන්වා දෙයි.