- තම ගැත්තන් වෙත අනිවාර්යය කරන ලද, අල්ලාහ්ට හිමිවිය යුතු වගකීම පැහැදිලි කිරීම. එය ඔහුට පමණක් නැමදීම හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීමය.
- උත්තරීතර අල්ලාහ් තමන්ගෙන් වූ භාග්‍යයක් හා ආශිර්වාදයක් ලෙස තමන් වෙත අනිවාර්යය කර ගත් තම ගැත්තන්ට හිමි විය යුතු අයිතිය පැහැදිලි කිරීම. එනම් ඔහු ඔවුන් ස්වර්ගයට ඇතුළු කිරීම හා ඔවුනට දඬුවම් නොකිරීම.
- උත්තරීතර අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහු ව ඒකීයත්වයට පත් කරන්නන්ගේ ගමන ස්වර්ගය වෙතැයි අතිමහත් ශුභාරංචියක් මෙහි දක්නට ඇත.
- දැනුම වසන් කිරීමේ පාපයට වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් තුමා තමා මිය යන්නට මත්තෙන් මෙම හදීසය දන්වා සිටියහ.
- සැබෑ අර්ථය වටහා ගත නොහැකි ජනයා ගැන බියෙන් ඇතැම් හදීස් ඇතැමුන් ඉදිරියේ දන්වා නොසිටිය යුතු බවට අනතුරු ඇඟවීම. එය ඒ යටතේ කිසිදු ක්‍රියාවක් හෝ ෂරීආවෙහි සීමාවක් හෝ නැති දෑහි ය.
- දේව ඒකීයත්වය තහවුරු කරන පාපිෂ්ඨයෝ අල්ලාහ්ගේ අභිමතය යටතේ සිටිති. ඔහු අභිමත කළේ නම් ඔවුනට දඬුවම් කරයි. ඔහු අභිමත කළේ නම් ඔවුනට ඔහු සමාව දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මඟ ස්වර්ගය වෙත වේ.