- දඬයම් සඳහාත් ගොවිපල සතුන් හා ගොවි බිම ආරක්ෂා කිරීම සඳහාත් යොදවා ගන්නා සුනඛයා හැර සෙසු සුනඛයන් ඇති කිරීම තහනම් කෙරී ඇත.
- පින්තූරු ළඟ තබා ගැනීම ද පිළිකුල් සහගත කරුණකි. මලක්වරු එයින් පළා යති. නිවස තුළ ඒවා තිබීම ආශිර්වාද අහිමි වීමට හේතුවක් වේ. එය සුනඛයා ඇති කිරීම හා සමානය.
- සුනඛයකු හෝ පින්තූරු ඇති නිවෙස්වලට නො පිවිසෙන මලක්වරු වනුයේ ආශිර්වාදයේ මලක්වරුය. මුරකාර මලක්වරුන් හා මරණය සඳහා පත් කර ඇති මලක්වරුන් මෙන් නියමිත කාර්යය භාරයන් පවරා ඇති සෙසු මලක්වරුන් වනාහි, ඔවුහු සෑම නිවසකටම පිවිසෙනු ඇත.
- ජීවමාන රූප ඇති පින්තූරු බිත්ති මත හෝ වෙනත් දෑ මත එල්ලා තැබීම තහනම් කර ඇත.
- කත්තාබි තුමා මෙසේ පවසයි: සුනඛයකු හෝ පින්තූරයක් ඇති නිවසකට මලක්වරුන් නො පිවිසෙනුයේ එහි තබා ගැනීමට තහනම් කරන ලද සුනඛයන් හා පින්තූරු ඇති විටෙකය. දඩයම් සුනඛයින් හා ගොවිපළ සතුන් හා ගොවි බිම් ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා සුනකයින් තහනම් වන්නේ නැත. එමෙන්ම ඇතිරිලි, කොට්ට හා සුළුකොට සලකන වෙනත් දෑ මත තිබෙන චිත්‍ර ද තහනම් වන්නේ නැත. ඒ හේතුවෙන් මලක්වරුන් පිවිසීම ද තහනම් වන්නේ නැත.