- උත්තරීතර අල්ලාහ් නොවන දෙයක් මත දිවුරා සිටීම තහනම්ය. ඒ අතරින් යම් වන්දනාමානයක් මත දිවුරීම ද එකකි. සැබැවින්ම එය යම් ආකාරයක කුඩා ගණයේ ෂිර්ක් වර්ගයක් වනු ඇත.
- අමානා (වත්පිළිවෙත්) යනු කීකරුකම, නමස්කාරය, තැන්පතු, මිලමුදල් සහ රක්ෂණය යන කරුණු ඊට ඇතුළත් වේ.
- උත්තරීතර අල්ලාහ් මත හෝ ඔහුගේ නම් අතරින් එක් නාමයක් මත හෝ ඔහුගේ ගුණාංග අතරින් එක් ගුණාංගයක් මත හෝ දිවුරා සිටීමෙන් හැර වෙනත් දිවුරුමක් වලංගු වන්නේ නැත.
- කඃත්තාබි තුමා මෙසේ පවසයි: "අල්ලාහ් ඔහු මත හෝ ඔහුගේ ගුණාංග මත දිවුරා සිටීමට නියෝග කර ඇත. ඔහු නියෝග කළ වත්පිළිවෙත් ඔහුගේ ගුණාංග නොවන බැවින් එලෙස දිවුරා සිටීම පිළිකුල් වේ. සැබැවින්ම ඔහු නියෝග කළ වත්පිළිවෙත් ඔහුගේ එක් නියෝගයක් පමණි. ඒවා ඔහු අනිවාර්ය කළ කරුණු අතරින් එකකි. ඒ අනුව ඒ අතර හා සර්වබලධාරී අල්ලාහ්ගේ නාම හා ගුණාංග අතර සමානතාවයක් විය හැකි බැවින් ඒ ආකාරයට දිවුරා සිටීම තහනම් කරන ලදී.