- සැබැවින්ම දිවුරා ගරුබුහුමන් කිරීම උත්තරීතර ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් සතු අයිතියකි. එබැවින් අල්ලාහ්, ඔහුගේ නාම හා ගුණාංග මත හැර වෙනත් කිසිවක් මත දිවුරා නොසිටිය යුතු ය.
- යහපත විධානය කර අයහපතින් වැළැක්වීම සඳහා සහාබාවරු උනන්දු වූහ. විශේෂයෙන් පිළිකුල් සහගත යමක් දේව ආදේශය හා දේව ප්‍රතික්ෂේපය හා බැඳී පැවතුණු විටෙක ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.