- මන්ත්‍ර ගුරුකම් කිරීම, සාස්තර කරුවන් වෙත යෑම හා ගුප්ත දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටීමේ තහනම.
- සිදු කළ පාපක්‍රියාවන් සඳහා දඬුවමක් ලෙස, අවනත වීමෙන් හිමිවන කුසල්, මිනිසා අහිමි කර ගනු ඇත.
- හඳහන් හා ලග්න බැලීම, සාස්තර සහ පේන කියවීම - හුදෙක් දැනගැනීමේ අරමුණින් පමණක් වුව ද - මෙම හදීසයට ඇතුළත් වේ. මක්නිසාදයත් මේ සියල්ල ඉන්ද්‍රජාලය සහ ගුප්ත දැනුම දැන ගැනීමට හැකි බව හඟවන කරුණු බැවිනි.
- සාස්තර බලන්නන් වෙත යෑමේ ප්‍රතිවිපාකය මෙය නම්, සාස්තර කියන්නාගේ ප්‍රතිවිපාකය කෙසේ වනු ඇත් ද?
- දින හතළියක සලාතය කප්පාදු වන අතර නැවත ඉටු කිරීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් එහි පවතින කුසල් අහිමි වී යයි.