- ඒකදේවවාදය සහ විශ්වාසය බිද දමන දැයින් ඒවා ආරක්ෂා කිරීම.
- දෙවියන්ට ආදේශ තබන ආකාරයේ මැතිරීම්, සුර එල්ලීම් හා වශී ගුරුකම් යොදා ගැනීමේ තහනම.
- මෙම කරුණු තුන සම්බන්ධයෙන් පුද්ගලයෙක් එය හේතු සාධක වනු ඇතැයි විශ්වාස කිරීම කුඩා ෂිර්ක් (සුළු පරිමාණයේ දේවත්වයට ආදේශ කිරීමක්) වේ. මක්නිසාදයත් හේතු සාධකයක් නැති දෙයකට හේතු සාධකයක් නියම කරන බැවිනි. එසේම එහි පැවැත්මෙන් යහපත ගෙන දෙනු ඇත, හානිය වළක්වනු ඇතැයි විශ්වාස කළේ නම්, එය මහා ෂිර්ක් (මහා පරිමාණයේ දේවත්වයට ආදේශ කිරීමක්) වේ.
- තහනම් කරන ලද හා දේවත්වයට ආදේශ තබනු ලබන හේතු සාධකවලින් ප්‍රවේසම් වීම.
- මතුරන ක්‍රියාවේ තහනම. සැබැවින්ම එය ආගමානුගත කරන ලද්දක් වූවක් මිස, එසේ නැතහොත් එය දේවත්වයට ආදේශ කිරීමක් වන්නේය.
- අල්ලාහ් පිළිබඳව පමණක් හදවත් තුළ බැඳීම් ඇති කර ගත යුතුය. ඔහුගෙන් පමණක් යහපත හා හානිය බලපාන බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නැති බවත් විශ්වාස කළ යුතුය. අල්ලාහ්ගෙන් තොරව යහපත ගෙන ඒමට හෝ අල්ලාහ්ගෙන් තොරව හානිය වළක්වන්නට හෝ නොහැක.
- අනුමත ලත් මැතිරීමක කොන්දේසි තුනක් ඇතුළත් වෙයි. 1- සැබැවින්ම එය සාධකයක් පමණක් වන අතර අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව සෙත සැලසෙන්නේ නැති බව විශ්වාස කිරීම. 2- එය අල් කුර්ආනය, අල්ලාහ්ගේ නාම, ඔහුගේ ගුණාංග, නබි තුමාණන්ගේ ප්‍රතිකාර, ආගමානුගත කරන ලද ප්‍රතිකාර ක්‍රම යනාදියෙන් විය යුතුය. 3- වැටහෙන භාෂාවකින් විය යුතුය. එහි නොතේරෙන ජප කිරීම් හෝ මන්ත්‍ර නොවිය යුතුය.