- ආරක්ෂාව පැතීම නැමදුමකි. එය උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ ඔහුගේ නාම හා ගුණාංග තුළින් විය යුත්තකි.
- අල්ලාහ්ගේ වදන් තුළින් ආරක්ෂාව පැතීමේ අවසරය. සැබැවින්ම එය ශුද්ධ වූ අල්ලාහ්ගේ ගුණාංගයකි. එය වෙනත් කවර හෝ මැවීමකින් ආරක්ෂාව පැතීමට වඩා හාත්පසින් වෙනස් වූවකි. වෙනත් කිසිවකින් ආරක්ෂාව පැතීම ෂිර්ක් වේ.
- මෙම ප්‍රාර්ථනාවේ මහිමය හා එහි පවතින ආශිර්වාදය.
- දික්ර් පැවසීමෙන් ආරක්ෂාව පැතීම: ගැත්තා ඔහුට අත්වන සියලුම හානිදායක දැයින් ආරක්ෂාව ලැබීමට හේතුවක් වේ.
- අල්ලාහ් හැර දමා ජින්නුන්, මන්ත්‍ර ගුරුකම් කරන්නන්, නපුරු බලවතුන් හා එවන් වෙනත් අයගෙන් ආරක්ෂාව පැතීම අර්ථ ශුන්‍යය, නිෂ්ඵලය.
- තම දේශය තුළ හෝ ගමනක දී හෝ යම් ස්ථානයකට ගොඩ වැදුනු කෙනෙකුට මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කිරීම ආගමානුගත කරන ලද්දකි.