- පිරිසිදුකම වර්ග දෙකකි: වුළූ ගෙනීම හා ස්නානය කිරීම තුළින් ඇතිවන බාහිර පිරිසිදුකම. ඒකදේව වාදය පිළිගැනීම, දේවත්වය විශ්වාස කිරීම හා දැහැමි ක්‍රියාවන් සිදු කිරීම යනාදිය තුළින් ඇතිවන අභ්‍යන්තර පිරිසිදුකම.
- සලාතයෙහි සුරක්ෂිත ව හා අඛණ්ඩ ව නිරත වීමේ වැදගත්කම. එය මෙලොවෙහි මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තාට ආලෝකයක් වේ.
- "සදකාව" නොහොත් දානය දේව විශ්වාසය සහතික කිරීමේ සාක්ෂියකි.
- අල් කුර්ආනය ඔබට පක්ෂ ව හෝ විපක්ෂ ව පිහිටන බැවින් ඒ අනුව ක්‍රියා කිරීමේ හා එය තහවුරු කිරීමේ වැදගත්කම.
- ඔබ ආත්මය නැමදුම් කටයුතුවලදී කාර්යබහුල නොකළෙහි නම්, එය පාපයන්හි ඔබව කාර්ය බහුල කරනු ඇත.
- සෑම මිනිසෙකුම තම වැඩකටයුතු සිදු කළ යුතු වේ. ඒ අනුව තමන් අවනත වීමෙන් තම ආත්මය මුදවා ගත යුතුය. එසේ නැතහොත් පාපය හේතුවෙන් එය විනාශ වී යනු ඇත.
- ඉවසීම සඳහා විඳ දරාගැනීම සහ කුසල් බලා පොරොත්තුව අවශ්‍ය වේ. එය එතරම් පහසු කරුණක් නොවේ.