- මෙම ප්‍රතිඵලය දිනක අඛණ්ඩව හෝ කඩකඩා හෝ මෙය කියවන තැනැත්තාට හිමිවනු ඇත.
- තස්බීහ්: සුබ්හානල්ලාහ් යැයි පැවසීම යනු සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීමය. තවද අල් හම්දු : අල්හම්දු ලිල්ලාහ් යැයි පැවසීම යනු ආදරය කරමින් සහ ගරුබුහුමන් දක්වමින් පූර්ණ ගුණාංගවලින් ඔහුව ගුණ ගායනා කිරීමය.
- මෙම හදීසයේ අදහස, එය සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහා පාපයන් වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතුය.