- සුජූද් ඉරියව්වෙහි මෙම ප්‍රාර්ථනාව උසුරීම උචිතය.
- මීරක් තුමා මෙසේ පවසයි: නසාඊ හි එක් වාර්තාවක මෙසේ සඳහන්ව ඇත. එතුමාණෝ තම සලාතය අවසන් කොට තම නිදියහනයට යන විට මෙම ප්‍රාර්ථනාව උසුරා ඇත.
- අල්ලාහ්ගේ ගුණාංග තුළින් ඔහුව ප්‍රශංසා කිරීමත් අල්-කුර්ආනයේ හා නබි වදන්හි සහතික කර ඇති ඔහුගේ නම්වලින් ඔහුව ඇමතීමත් සතුටු දායකය.
- රුකූඋ හා සුජූද් ඉරියව්වන්හි මැවුම්කරුට ගරුබුහුමන් කිරීමක් මෙහි ඇත.
- අල්ලාහ්ගේ ගුණාංග තුළින් ආරක්ෂාව පැතීමේ වලංගුභාවය. එමෙන්ම සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ පැවැත්ම තුළින් ආරක්ෂාව පැතීමද වලංගු වන්නේය.
- කත්තාබී තුමා මෙසේ පවසයි: මෙම ප්‍රකාශයෙහි කරුණා භාවය ද ඇතුළත් වී ඇත. එනම්: අල්ලාහ්ගේ පිළිගැනීම තුළින් ඔහුගේ කෝපයෙන්, හා ඔහුගේ සමාව තුළින් ඔහුගේ දඬුවමින් ද ඔහුගෙන් ආරක්ෂාව පැතීමය. තෘප්තිය හා කෝපය එකිනෙකට විරුද්ධ පද දෙකකි. එමෙන්ම සමාව හා දඬුවම ද එලෙසමය. එහි අර්ථය නම්, අල්ලාහ්ට සිදු කරන නැමදුමේ හා ප්‍රශංසාවේ වගකීම් නිසිලෙස ඉටු කිරීමෙහි අඩුපාඩු සිදු කිරීම නිසාවෙන් පාපක්ෂමාව පැතීමයි. 'ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට නො හැක' යන වදනෙහි අදහස නම් මම ඒ සඳහා හැකියාව නොදරමි. ඒ වෙත මට ලඟා විය නොහැක යන්නයි.