මුල් පිටුව
අප ගැන
si
العربية - عربي
English - إنجليزي
español - إسباني
português - برتغالي
Kiswahili - سواحيلي
Français - فرنسي
Русский - روسي
اردو - أردو
italiano - إيطالي
Türkçe - تركي
አማርኛ - أمهري
ไทย - تايلندي
සිංහල - سنهالي
Wikang Tagalog - فلبيني تجالوج
Tiếng Việt - فيتنامي
नेपाली - نيبالي
Hausa - هوسا
Wollof - ولوف
বাংলা - بنغالي
ئۇيغۇرچە - أيغوري
অসমীয়া - آسامي
فارسی - فارسي
فارسی دری - دري
azərbaycanca - أذري
Ўзбек - أوزبكي
Deutsch - ألماني
Shqip - ألباني
فلبيني مرناو - فلبيني مرناو
български - بلغاري
ဗမာ - بورمي
bosanski - بوسني
polski - بولندي
தமிழ் - تاميلي
татар теле - تتاري
română - روماني
svenska - سويدي
Soomaali - صومالي
тоҷикӣ - طاجيكي
Pulaar - فولاني
कश्मीरी - كشميري
bahasa Melayu - ملايو
മലയാളം - مليالم
magyar - هنجاري مجري
हिन्दी - هندي
Èdè Yorùbá - يوربا
ελληνικά - يوناني
қазақ тілі - كازاخي
中文 - صيني
Bahasa Indonesia - إندونيسي
پښتو - بشتو
Luganda - لوغندي
తెలుగు - تلقو
日本語 - ياباني
ትግርኛ - تجريني
Кыргызча - قرغيزي
Kurdî - كردي
Nederlands - هولندي
čeština - تشيكي
українська - أوكراني
suomi - فنلندي
Norwegian - نرويجي
ქართული - جورجي
ދިވެހި - ديفهي
Türkmençe - تركماني
afaan oromoo - أورومو
ភាសាខ្មែរ - خميرية
ಕನ್ನಡ - كنادي
lietuvių - ليتواني
bamanankan - بامبارا
Soninke - سوننكي
Malagasy - ملاغاشي
Sängö - سانجو
Српски - صربي
Afaraf - عفري
Kinyarwanda - كينيارواندا
Bi zimanê Kurdî - كردي كرمنجي
Akan - أكاني
Chichewa - شيشيوا
ગુજરાતી - غوجاراتية
Mõõré - موري
créole - كريولي
මුල් පිටුව
අප ගැන
Contact Us
/
ප්‍රධාන ඉස්තිග්ෆාරය
ප්‍රධාන ඉස්තිග්ෆාරය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට ෂද්දාද් ඉබ්නු අව්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ප්‍රධාන ඉස්තිග්ෆාරය (පාපක්ෂමාව අයැදීම) වනුයේ ගැත්තා මෙසේ පැවසීමය. اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු إِلَّا أَنْتَ නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව දහවල් කාලයේ පවසා එදින සවස් වන්නට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි. එමෙන්ම කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව රාත්‍රී කාලයේ පවසා උදෑසන උදා වීමට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ද ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
විවරණය
සැබැවින්ම පාපක්ෂමාව සඳහා වචන මාලාවක් ඇති බවත් ඒවායින් වඩාත උතුම් හා ප්‍රධානතම වචනමාලාව ගැත්තා මෙසේ පැවසීම බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) ගැත්තා පළමුව අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනියි. සැබැවින්ම ඔහු ඔහුගේ මැවුම්රු බවත් නැමදුමට සුදුස්සා ඔහු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් පිළිගනියි. එමෙන්ම සුවිශුද්ධ අල්ලාහ් විශ්වාස කිරීමටත් තමන්ට හැකි පමණින් ඔහුට අවනත වීමටත් ඔහු සමග ගිවිස ගත් ගිවිසුම ද පිළිගනියි. හේතුව ගැත්තා නැමදුම් ඉටු කළද අල්ලාහ් නියෝග කළ සියලුම දෑ ක්‍රියා කිරීමට අපොහොසත් වන බැවින් හා ආශිර්වාදයන්ට තුති පුදන්නට අනිවාර්යය වන දෑ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැවිනි. සැබැවින්ම ඔහු යොමු වන්නේ අල්ලාහ් වෙතය. ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය. සැබැවින්ම ගැත්තා කළ නපුරින් ආරක්ෂාව පතනු ලබන්නා ඔහුය. තවද ඔහු කෙරෙහි වන ඔහුගේ ආශිර්වාදය පිළිගනී. ඔහු ස්වේච්ඡාවෙන් තම පාපය සහ අකීකරුකම පිළිගෙන පාපොච්චාරණය කිරීමෙන් ඔහු වෙත නැවත යොමු වේ. මෙසේ අල්ලාහ්ගෙන් කණ්ණලව් කළ පසු ව, තම පාපය වසන් කරමින් හා ඔහුගේ සමාව, ඔහුගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව තුළින් එහි පවතින බලපෑමෙන් ආරක්ෂාව පතමින් තමන්ට සමාව දෙන මෙන් තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටියි. සර්ව බලධාරී අල්ලාහ් හැර පාපකම්වලට සමාව දෙන්නට වෙනත් කිසිවෙකු නැත. උදෑසන හා රාත්‍රියේ කරන ප්‍රාර්ථනා අතරින් මෙය ද එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. කවරෙකු එය දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, එහි අර්ථය වටහා ගෙන, ඒ ගැන විශ්වාස කරමින් එදින ආරම්භයේ හිරු උදා වීම හා එය මුදුණට යෑම අතර කාලයේ -එය දහවල් කාලයයි- මෙය පවසා මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. කවරෙකු මෙය රාත්‍රියේ පවසා -එය හිරු අවරට යෑමේ සිට අළුයම උදාවන දක්වා වූ කාලයයි- උදෑසන වීමට පෙර මිය ගියේ ද ඔහු ද ස්වර්ගයට පිවිසෙනු ඇත.
Hadeeth benefits
'ඉස්තිග්ෆාර්' හෙවත් පාපක්ෂමාව ඇයැදීමේ ස්වරූපයන් වෙනස්ය. ඇතැම් ඉස්තිග්ෆාර් පද ඇතැම් දෑට වඩා උසස්ය.
මෙය ඉස්තිග්ෆාර් අතර ප්‍රධානතම ඉස්තිග්ෆාරය වන බැවින් මෙම ප්‍රාර්ථනාව පවසා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමට ගැත්තා උනන්දු විය යුතුය
Share
Use the QR code to easily share the message of Islam with others
Copy Link
copied!
අප සමඟ සම්බන්ධ වන්න
×
නම
විද්‍යුත් තැපැල
කෙටි පණිවුඩය
අප සමඟ සම්බන්ධ වන්න
×
ඔබ එවූ පණිවිඩයට ස්තූතියි. අල්ලාහ්ගේ කැමත්ත පරිදි අපගේ අවධානය ඒ වෙත යොමු කෙරේ.
Share