- දැනුම හදාරන්නට සහාබාවරුන් තුළ තිබූ උනන්දුව. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටියේ එබැවිනි.
- ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේ දැහැමි ක්‍රියාවන් බව සහාබාවරුන් දැන සිටි බැවින් ඔවුන් තුළ තිබූ මනා අවබෝධය.
- මුආද් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් මතු වූ ප්‍රශ්ණය ඉතා වැදගත් ප්‍රශ්නයක් වූයේ එය යථාර්ථය වන බැවිනි. එනම්, ජීවිතයේ හා පැවැත්මේ අභිරහසය. ආදම්ගේ දරුවන් වන මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අතරින් මෙලොවෙහි ජීවත් වන සෑම කෙනෙකුගේම අවසානය ස්වර්ගය හෝ අපා ගින්න හෝ වනු ඇත. මෙම ප්‍රශ්ණය අති වදැගත් වන්නේ එබැවිනි.
- මිනිසා ස්වර්ගයට පිවිසීම සඳහා පෙළ ගැසෙනුයේ, ඉස්ලාමයේ මූලික වගකීම් පහ ය. එනම්: ෂහාදතාන් හෙවත් ප්‍රතිපත්තියේ ප්‍රකාශ දෙක, සලාතය, සකාතය, උපවාසය හා හජ් වන්දනාව ය.
- දහමේ සිරස, වඩාත් වැදගත් හා වඩාත්ම අනිවාර්යය වනුයේ අල්ලාහ්ට කිසිවක් හවුල් නොකර ඔහුට පමණක් නැමදුම් කිරීම තුළින් ඔහුව ඒකීයකරණය කිරීමය.
- කුසල් ලැබීමේ හේතු සාධක සූදානම් කර ගනු පිණිසත් පාපකම් සඳහා සමාවක් ලෙසත් යහපතේ දොරටු තම ගැත්තන් හට විවෘත කර දී තිබීමෙන් අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදය.
- අනිවාර්යය වූ නියමයන් ඉටු කිරීමෙන් පසු අතිරේක දෑ ඉටු කිරීම තුළින් ඔහුට සමීප වීමට බැලීමේ මහිමය.
- සලාතය යනු කූඩාරමක් රඳා පවතින කණුවල ස්ථානයේ පවතින්නකි. කූඩාරමේ කණු කඩා වැටීමෙන් කූඩාරම ද කඩා වැටෙනවා සේ සලාතය අතපසු කිරීමෙන් ඉස්ලාමය ද පහ වී යනු ඇත.
- මිනිසා ඔහුගේ ආගම තුළ ඔහුට හානියක් ඇති කරන දැයින් ඔහු ඔහුගේ දිව ආරක්ෂා කළ යුතු ය.
- දිව මැඩපවත්වා ගැනීම, එය පාලනය කිරීම, එය දමනය කිරීම සියලුම යහපත් කරුණුවල මූලය වන්නේය.