- දහම පිළිපැදීමේ හා ධාර්මික කටයුතු වළක්වාලන හේතු පැමිණීමට පෙර ඒවා ඉටු කිරීම සඳහා යුහුසුළු වීම අනිවාර්යය වේ.
- අවසන් කාලයේ නොමග යවන සුළු අර්බූද පිළිපදිනු ලබන බව පෙන්වා දී ඇත. අර්බූදයක් පහව ගිය සෑම කලකම ඊට පරව තවත් අර්බූදයක් මතුවනු ඇත.
- යම් පුද්ගලයෙකුගේ ආගම දුර්වල වී නම් සහ ඔහු එය මුදල් හෝ වෙනත් දේවල් වැනි ලෞකික කාරණා සඳහා හුවමාරු කර ගන්නේ නම්, මෙය ඔහුගේ අපගමනයට, ආගම අත්හැරීමට සහ ඔහු අර්බූදවලට තල්ලු වීමට හේතුවකි.
- යහ ක්‍රියාවන් අර්බූදවලින් මිදීමේ මාධ්‍යයක් බව හදීස්වල සාක්ෂි සහතික කරයි.
- අර්බූද කොටස් දෙකකි: සැකය සමග වන අර්බූද. එහි ප්‍රතිකාරය දැනුම්වත්වීමයි. ආශාවන් සමග වන අර්බූද එහි ප්‍රතිකාරය දේවත්වය විශ්වාස කිරීම හා ඉවසීමයි.
- මෙම හදීසයේ කවරෙකු අඩුවෙන් නැමදුම් කරන්නේ ද ඔහු වෙත අර්බූද සීඝ්‍රයෙන් පැමිණෙනු ඇති බවත් කවරෙකු අධික වශයෙන් නැමදුම් කරන්නේ ද ඔහු අසළ ඇති දෑ ගැන ඔහු නොරැවටිය යුතු බවත් පෙන්වා දී ඇත. දැහැමි ක්‍රියාවන් අධිකව ඉටු කරන්නට වග බලා ගත යුතුය.