- අල්ලාහ්ගේ විශ්වාසනීය ගැත්තන් හට ඇතිවන දුක් කරදර හා අනතුරු හේතුවෙන් ඔවුන් මෙලොව ජීවිතයේ කළ ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් පහකිරීම ඔහුගේ ආශිර්වාදයකි.
- දුක්කරදර සිදුවීම හේතුවෙන් පාපකම්වලට සමාව හිමිවනුයේ ඊමාන් හෙවත් දේවත්වය විශ්වාස කිරීමේ කොන්දේසිය මත ය. එසේ එම ගැත්තා කෝප නොවී ඉවසා සිටින විටෙක ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ.
- තමන් කැමති මෙන්ම අකමැති සියලුම කටයුතුවලදී ඉවසීමට දිරිගැන්වීම. අල්ලාහ් අනිවාර්ය කළ දෑ ඉටු කරන තරමට ඔහු ඉවසයි. අල්ලාහ් තහනම් කළ දැයින් දුරස්වන තරමට ඔහු ඉවසයි. අල්ලාහ්ගේ කුසල් අපේක්ෂා කරයි. ඔහුගේ දඬුවමට බිය වෙයි.
- "දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය" යන ප්‍රකාශයෙහි දේවත්වය විශ්වාස කරන්නිය යන අරුථ දෙන අල්-මුඃමිනා යන පදය මෙහි අමතරව යෙදී තිබීමෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ද විශේෂ අවදානය යොමු කර ඇති බව පෙන්වා දෙයි. එසේ නොවන්නට මුඃමින් යන පදය පමණක් භාවිත කරන්නට තිබුණි. එම යෙදුම පිරිමින්ට පමණක් විශේෂ නොවන බැවින් කාන්තාව ද එහි ඇතුළු වනු ඇත. පොදවේ කාන්තාවට එවන් පරීක්ෂණයන්ට මුහුණ පෑමට සිදු වූ විටෙක ඇයට ද පාපකම් හා වැරදි කමා කිරීමෙන් ඒ හා සමාන ප්‍රතිඵල හිමි බව ඇය ද ප්‍රතිඥා දෙනු ලැබ ඇත.
- විටින් විට ගැත්තා මුහුණ දෙන වේදනාවන් ඔහුට පහසු කරනුයේ ඒවා සඳහා නියම වී ඇති භාග්‍යය වේ.