- සුදු ළූණු හෝ ළූණු හෝ ලීක්ස් වැනි දෑ අනුභව කරන්නන් මස්ජිදය වෙත පැමිණීමෙන් වැළකී සිටීම.
- සලාතය ඉටු කරන්නන් අපහසුතාවට ලක්වන ආකාරයේ දුම් වැටි, බීඩි වැනි දුර්ගන්ධය හමන සියලු දෑ ද මෙම කරුණු අතරට ඇතුළත් වේ.
- වැළැක්වීමට හේතුව දුර්ගන්ධයයි. හොඳින් පිසීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ එම දුර්ගන්ධය ඉවත් වූ විට, එම තහනම ඉවත් වෙයි.
- මෙම කරුණු අනුභව කිරීම පිළිකුල් සහගත වනුයේ මස්ජිදයේ සලාතය සඳහා සහභාගී වන උදවියටය. එය මස්ජිදයේ සමූහ සලාතය අතපසු නොවන පරිදිය. නමුත් සහභාගී නොවීම පිණිස උපාය මාර්ගයක් ලෙස එය භාවිතා කළේ නම් එය තහනම් වන්නේය.
- සුදු ළූණු වැනි දෑ අනුභව කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළකී සිටියහ. එය තහනම් කර ගත්තේ නැත. එය සැබැවින්ම එතුමාණන් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා සමග කතා කරන බැවිනි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ අලංකාරය. එතුමා නීතිය සමග එයට අදාළ වන කරුණු ද පැහැදිලි කළේය. එය අමතනු ලබන තැනැත්තා එම නීතියේ ප්‍රඥාව හදුනා ගෙන ඔහු තැන්පත් විය හැකි වනු පිණිසය.
- අල්-කාළී තුමා මෙසේ පවසයි: මෙය මස්ජිදයේ නොවන, උත්සව සලාතය, ජනාසා සලාතය වැනි සමූහ නැමදුම් වශයෙන් ඉටු කරන සලාතය සඳහා රැස්වන ස්ථානවල ද විද්වත්හු මෙය අදාළ කර ඇත. එමෙන්ම අධ්‍යාපනය, දෙවියන් මෙනෙහි කිරීම, වලීමා උත්සවය වැනි දෑ ද එලෙසමය. නමුත් වෙළඳපොළොවල් හා එවැනි තැන් සඳහා එය එකතු කළේ නැත.
- විද්වතුන් මෙසේ ප්‍රකාශ කර ඇත: මෙම හදීසය තුළ සුදුළූණු හෝ එවැනි යමක් අනුභව කොට මස්ජිදයට පිවිසීම තහනම් බව පෙන්වා දෙන සාධක පවතී. මෙම හදීසය ගැන පොදුවේ සළකා, මස්ජිදය හිස්ව තිබුනත්, එය මලක්වරුන්ගේ ස්ථානය වන බැවින් එලෙස එහි පිවිසීම ද තහනම් ය.