- ආහාරපාන ගැනීමේ විනය අතරින් එකක් වනුයේ එහි ආරම්භයේ බිස්මිල්ලාහ් යැයි පැවසීම.
- දරුවන්ට විනය ඉගැන්වීම. විශේෂයෙන් පුද්ගලයෙකුගේ රැකවරණය යටතේ සිටින අයට.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කරුණාව, කුඩා දරුවන්ට ඉගැන්වීමට හා විනය කියා දීමට එතුමාණන්ගේ හදවත තුළ තිබූ පුළුල්භාවය.
- ආහාර ගැනීමේ තවත් විනයක් වනුයේ තමන්ට අසලින් ඇති දෑ අනුභව කිරීමය. නමුත් එහි විවිධ ආහාර වර්ග වී නම්, ඒවා ගැනීමට ඔහුට අවසරය ඇත.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර විනයක් සහාබාවරුන්ට ඉගැන්වූයේ ද ඔවුහු එය එලෙසම පිළිපැද්දෝය. එය 'ඉන්පසු මගේ ආහාර වේල එසේම විය' යන උමර් තුමාගේ ප්‍රකාශයෙන් පෙන්වා දෙයි.