- ඉස්ලාමීය ෂරීආ නීතියෙහි පහසුව හා සහනය. එය නොසැලකිල්ල හා අතිරික්තිය අතර මැද මාවත විය යුතුය.
- ගැත්තා තමන්ට නියම කර ඇති නියෝගය නොසැලකිල්ලෙන් තොරව හා අතිශයෝක්තියෙන් තොරව තමන්ට හැකි පමණින් ඉටු කළ යුතුය.
- ගැත්තා නැමදුම් කිරීමට දිරිමත් වේලාවන් තෝරා ගත යුතුය. මෙම වේලාවන් තුන විශේෂයෙන් සඳහන් කර ඇත්තේ නැමදුම සඳහා ශරීරයට වඩාත් දිරිය ගෙන දෙන වේලාවන් වන බැවිනි.
- ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා මෙසේ පවසයි: "මෙය යම් අරමුණක් උදෙසා ගමන් කරන මගියකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආමන්ත්‍රණය කළාක් මෙන් පෙනේ. මෙම වේලාවන් තුන මගියා වඩාත් ප්‍රිය කරන වේලාවන් තුනකි. ඔහු ප්‍රබෝධමත් වන වේලාවන් සම්බන්ධයෙන් ඔහු අවදිමත් වෙයි. සැබිවින්ම මගියා රාත්‍රියේ හා දහවල යන දෙකෙහිම ගමන් කළ විට අතැම් දෑ කිරීමට නොහැකි වන අතරම අපොහොසත් වෙයි. මෙම ප්‍රබෝධමත් වේලාවන්හි මගියා කටයුතු කරන විට කිසිදු අසීරුතාවයකින් තොරව අඛණ්ඩව ඉටු කිරීමට ඔහු හැකියාව ලබනු ඇත.
- ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙම හදීසය තුළ පෙන්වා දී ඇත්තේ ආගමික සහන පිළිපැදීම සම්බන්ධවය. සහන ඇති තැන්හි එය මුළුමණින් කිරීමට අධිෂ්ඨාන කිරීම ශිෂ්ට වන්නේ නැත. උදාහරණ ලෙස ජලය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීම අත්හැර දමන්නෙකු පෙන්වා දිය හැක. එසේ ඔහු ජලය භාවිත කිරීම ඔහුව හානිය වෙත ගෙන යනු ඇත."
- ඉබ්නු මුනීර් තුමා මෙසේ පවසයි: " මෙම හදීසය තුළ වක්තෘත්වයේ සංකේතයක් දක්නට තිබේ. ඊට හේතුව සැබැවින්ම දහම තුළ මුරණ්ඩු ලෙස කටයුතු කරන සෑම කෙනෙක්ම එය පැහැර හරිනු අපි දැක ඇත්තෙමු. අපට පෙර මිනිසුන් ද දැක ඇත. නැමදුමෙහි පරිපූර්ණත්වය සෙවීම වැළැක්වීම මෙහි අරමුණ නොවේ. සැබැවින්ම එය ප්‍රශංසනීය කටයුතු අතරින් එකකි. ඒ වෙනුවට, එය කම්මැලිකමට තුඩු දෙන අතිරික්තය වළක්වනු ඇත. එසේ නැතහොත් අතිරේක කටයුතුවල දී අතිශයෝක්තිය, හොඳම දේ අත්හැරීමට හේතු වේ. එසේත් නැතහොත් අනිවාර්යය දෑ නියමිත වේලාවෙන් බැහැර කිරීමට හේතු වේ. එය රාත්‍රිය මුළුල්ලේ අතිරේක සලාත්හි නිරත වී සුබුහු සලාතය සාමුහිකව ඉටු නො කර නිදා ගන්නෙකු හෝ හිරු උදාවන තුරු රැඳී සිට අනිවාර්යය සලාතයේ වේලාව ඉවත් වන තුරු රැඳී සිටින්නෙකු මෙනි.