- පුද්ගලයකු තමන් වෙනුවෙන් ප්‍රිය කරන දෑ ඔහුගේ සහෝදරයාටද ලැබීම ගැන කැමති විය යුතු වේ. ඊට හේතුව තමන් වෙනුවෙන් ප්‍රිය කරන දෑ තම සහෝදරයාට ලැබීම ගැන ප්‍රිය නො කරන්නාට දේව විශ්වාසය නොමැතැයි ප්‍රකාශ කෙරී ඇති බැවින් එය අනිවාර්යය බව පෙන්වා දෙයි.
- අල්ලාහ් විෂයයෙහි පවතින සහෝදරත්වය, පරම්පරාවෙන් පැවත එන සහෝදරත්වයට වඩා ඉහළය. එහෙයින් එහි අයිතිය වඩාත් අනිවාර්යය වේ.
- මෙම ආදරය අහිමි කරන මුස්ලිම්වරයකුගේ ජීවිතයට ඔහුගේ ධනයට හා ඔහුගේ ආත්ම අභිමානයට විරුද්ධව පවතින වංචාව, කේළම, ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය වැනි සෑම ප්‍රකාශයක්ම හා ක්‍රියාවක්ම තහනම් කිරීම.
- "ඔහුගේ සහෝදරයාට" යන කියමන සඳහන්ව ඇති බැවින් ක්‍රියාවට අනුබල දෙන වචන කිහිපයක් භාවිතා කිරීමේ යෝග්‍යතාව.
- අල්-කිර්මානි තුමා මෙසේ පවසා ඇත: "තමන් වෙනුවෙන් වෛර කරන නපුරක් වී නම් තම සහෝදරයා වෙනුවෙන් ද එවැන්නක් ගැන වෛර කිරීම දේව විශ්වාසයේ කොටසක් වන අතර එය මෙහි සඳහන් කර නැත. මක්නිසාද යත් යමක් කෙරෙහි පවතින ආදරය එයට පටහැනිව පවතින වෛරය ද අනිවාර්යය කරන බැවින් ඒ ගැන සඳහන් නොකළ ද ප්‍රමාණවත් වේ.