- මස්ජිදයේ සාමුහික සලාතයේ අඛණ්ඩව නිරතවීමේ වැදගත්කම, සලාත් සඳහා ප්‍රමුඛත්වය දිය යුතු අතර එයින් වෙනතකට යොමු කරන කරුණුවලින් දුරස් විය යුතු ය.
- ප්‍රශ්න අසමින් අතිමහත් කුසල් පිළිබඳ දන්වා ආරම්භ කරමින් තම සහාබාවරුන් උනන්දු කරවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඔවුනට කරුණු ඉදිරිපත් කිරීමේ අලංකාරය. මෙම ක්‍රමය ඉගැන්වීමේ ක්‍රම අතරින් එකකි.
- ප්‍රශ්න සහ පිළිතුරු සමඟ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ ප්‍රයෝජනය: අපැහැදිලි බව ඉදිරිපත් කරමින් පසුව එය පැහැදිලි කිරීම තුළින් කථාව ආත්මය තුළට කිඳා බසිනු ඇත.
- "රිබාත් හෙවත් රැකවරණය" පිළිබඳ නවවි රහිමහුල්ලාහ් තුමා මෙසේ පවසයි: එනම් ඒ පිළිබඳ උනන්දු කරවන ලද රැකවරණයකි. රිබාත් හි පදනම යමක් හිරකර තබා ගැනීමය. ඒ අනුව තමන්ගේ ආත්මය මෙවැනි අවනතභාවයන් මත හිරකර තබා ගැනීම හේතුවෙන් ඉහත සඳහන් හදීස්හි ඇතුලත් කරුණු රිබාත් යනුවෙන් සලකන ලදී. "ජිහාද් යනු තම ආත්මය සමග කරන ජිහාදය වේ" යන කියමන මෙන් සැබැවින්ම මෙය රැකවරණයෙන් උසස්ම රැකවරණය බව පැවසේ. එම රැකවරණය සැබෑ සන්නද්ධ අරගලයකට ලබා දෙන රැකවරණයක් මෙන් නොව ක්‍රියාත්මක කිරීමට ලෙහෙසි පහසු එකකි. එනම් එය ද රිබාත් හි වර්ග අතරින් වේ.
- "අර්-රිබාත්" යන පදය නැවත නැවතත් පවසනු ලැබ ඇත. එය (ال) යන පද භාවිතයෙන් නිශ්චිත පදයක් ලෙස හඳුන්වා දී ඇත. එය එම ක්‍රියාවන් හි කටයුත්ත ගරු කොට සැළකීමක් ලෙසිනි.