- දේව විශ්වාසයෙන් තොරව ස්වර්ගයට ඇතුලු විය නො හැකිය.
- මුස්ලිම්වරයකු තමන් කැමති දෑ තම සහෝදරයාටත් හිමි වීම ගැන ප්‍රිය කිරීම ඔහුගේ ඊමානයේ පරිපූර්ණභාවයයි.
- මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීම එය හුවමාරු කිරීම සතුටු දායකය. හේතුව එහි මිනිසුන් අතර ආදරය, ආරක්ෂාව ව්‍යාප්ත වීමක් සිදුවන බැවිනි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් 'නුඹලා අතර' යන පදය භාවිතා කර ඇති බැවින් සලාමය මුස්ලිම්වරයකු හට මිස වෙනත් කිසිවෙකු හට පවසනු නො ලැබේ.
- සලාමය පතුරුවා හැරීමෙන් වෛරය, ක්‍රෝධය හා අමනාපකම් පහ වී යයි.
- මුස්ලිම්වරුන් අතර ආදරය දැක්වීමේ වැදගත්කම. සැබැවින්ම එය ද ඊමානයේ පරිපූර්ණත්වයෙන් එකකි.
- සලාම් පවසන ක්‍රමය වෙනත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු." කෙසේ වෙතත් "අස්සලාමු අලයිකුම්" යනුවෙන් පැවසීම ද ප්‍රමාණවත්ය.