- සත්‍යය කතා කිරීම ඉපැයීමෙන් හා කැපවීමෙන් ලබන ගෞරවනීය ගුණාංගයකි. සත්‍යය තමන්ගේ පුරුද්දක් හා ලක්ෂණයක් බවට පත් වන තෙක් මිනිසා සත්‍යය කතා කරමින්ම සත්‍යය විමර්ශනය කරමින්ම සිටියි. අවසානයේ අල්ලාහ් අබියස ඔහු සත්‍යවාදීන් හා දැහැමියන්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
- බොරු කතා කිරීම දිගු කාලීනව එහි රැඳී සිටීම තුළින් අදාළ තැනැත්තා උපයන පහත් ගුණාංගයකි. ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන් කරන වාදයකි. අවසානයේ එය පුරුද්දක් බවට හා සළකුණක් බවට පත්ව, පසුව උත්තරීතර අල්ලාහ් ඉදිරියේ ඔහු බොරුකාරයින්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
- සත්‍යය වනාහි, එය සත්‍යය ප්‍රකාශ හා සම්බන්ධව යෙදූ විට බොරුවට එරෙහිව කරන ප්‍රකාශයකි. චේතනාව තුළ සත්‍යය යනු, ඉහ්ලාස් හෙවත් අවංකභාවයයි. අධිෂ්ටානය තුළ සත්‍යය යනු ඔහු යහපත් චේතනාව මත රැඳී සිටීමයි. ක්‍රියාවන් තුළ සත්‍යය යනු එහි අවම ප්‍රමාණය ඔහු රහසිගතව වුව ද ප්‍රසිද්ධියේ වුව ද එක හා සමානව කටයුතු කිරීමයි. ස්ථාවරයත්වයේ සත්‍යය යනු බිය, බලාපොරොත්තුව හා වෙනත් දෑහි පවතින අවංකභාවයයි. මෙවා තුළින් කවරෙකු හෝ විස්තර කරනු ලබන්නේ ද ඔහු 'සිද්දීක්' හෙවත් මහත් සත්‍යවාදියෙකු වේ. එසේ නැතහොත් ඉන් කොටසක් වී නම් ඔහු සාමාන්‍ය සත්‍යවාදියෙකු වේ.