- අසරණයින්ගේ අවශ්‍යතා සපුරාලීම, අන්‍යොන්‍යව කටයුතු භාර ගැනීම සහ එකිනෙකාට උදව් කිරීම සඳහා උනන්දු කරවීම.
- නැමදුම යනු සියලුම දැහැමි කටයුතු ආවරණය කරන්නකි. වැන්දඹුවන් හා දුගියන් සම්බන්ධව කටයුතු කිරීම ද නැමදුම් අතරින් එකකි.
- ඉබ්නු හුබෙයිරා තුමා මෙසේ පවසයි: සැබැවින්ම අල්ලාහ් ඔහුට, උපවාසය නියැලෙන, රාත්‍රියේ සලාතය ඉටු කරන, දිවි පරදුවට තබා කැපවන අයගේ කුසල් එකවර හිමි කර දෙන බවයි. එය වැන්දඹුවකගේ ස්වාමිපුරුෂයාගේ ස්ථානයේ සිට ඔහු ඇය රැකබලා ගන්නා බැවින් ද තමන් විසින් ස්වයංව නැගිටිය නොහැකි දුගී දුප්පතුන්ගේ කටයුතු සොයා බලා තම ආහාරයෙන් කොටසක් වියදම් කරන බැවින් ද තම ශරීරයෙන් කොටසක් කැප කරන බැවින් ද වේ. එහෙයින් ඔහුගේ ප්‍රතිඵලය උපවාසයට, රාත්‍රියේ නැමදුම් ඉටු කිරීමට, හා කැපවීමට සමාන වනු ඇත.