- ඉබ්නු දකීකුල් ඊද් තුමා මෙසේ පවසයි: මෙය ඉතා වැදගත් හදීසයකි. සියලු දැනුම්, නීතිරීති හා විනයන් ඇතුළත් කරගත් ගොනුවකි. එහි මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමේ හා තමන්ට හැකි පමණින් ඔවුනට සෙත සැළසීමේ මහිමය ඇතුළත්ව ඇත. එය දැනුමෙන් හෝ මුදලින් හෝ, ශ්‍රමයෙන් හෝ යහපත ඇඟවීමෙන් හෝ උපදෙස් දීමෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ විය හැක.
- දුෂ්කර තත්වයට පත්වු අයට පහසුකම් සැළසීමට දිරිගැන්වීම.
- මුස්ලිම් ගැත්තන් හට උපකාර කිරීම සඳහා දිරිගැන්වීම. ඔහු තම සහෝදරයාට උපකාර කරන පරිදි සැබැවින්ම අල්ලාහ් ද ඔහුගේ උපාකරයට උපකාර කරන්නාය.
- මුස්ලිම්වරයා වසන් කිරීම යනු: ඔහුගේ වැරදි දෙස එබී නො බැලීමය. සලෆ්වරුන් හෙවත් ඇතැම් ආරම්භකයින් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. අඩුපාඩු නැති පිරිසක් ඔබ මුණ ගැසෙයි. නමුත් ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩු සඳහන් කරති. එවිට ඔවුන්ගේ අඩුපාඩු මිනිසුන් විසින් ද සඳහන් කරනු ඇත. අඩුපාඩු සහිත පිරිසක් ඔබ මුණ ගැසෙයි. නමුත් ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩු සඳහන් කිරීමෙන් වැළකී සිටිති. එවිට ඔවුන්ගේ අඩුපාඩු ද අමතක කරනු ලැබේ.
- වසන් කළ යුතු යැයි පැවසීමෙන් ඔහු කරන පිළිකුල් සහගත දෑ නො වැළැක්වීම හා ඔහුව වෙනස් කිරීමට උත්සාහ නොකිරීම ඉන් අදහස් කරන්නේ නැත. ඔහුව වෙනස් කිරීමට උත්සාහ දැරිය යුතු අතර වැරදි වසන් කළ යුතුය. සැබැවින්ම මෙය අදාළ වනුයේ දූෂණය හා සීමාව ඉක්මවා අපරාධ කරන පුද්ගලයකු යැයි හඳුනාගනු නො ලැබූ කෙනෙකු සම්බන්ධවය. එලෙස හඳුනා ගනු ලැබූ පුද්ගලයකු නම් එවිට එය වසන් කිරීම සතුටු දායක නොවනු ඇත. අර්බුදයක් ගැන බියක් ඇති නොවූ විටෙක, ඔහුගේ කරුණ අදාල කටයුතු භාර උදවිය වෙත යොමු කළ යුතුය. මන්ද එය වසන් කිරීම, දූෂණය කිරීමට ඔහුව පොළඹවන නිසාත්, මිනිසුන්ට හානි කිරීමට ඔහුව ධෛර්යමත් කරන නිසාත්, වෙනත් දුෂ්ට හා මුරණ්ඩු මිනිසුන්ව ධෛර්යමත් කරන නිසාවෙනි.
- දැනුම සෙවීමට, අල් කුර්ආනය කියවීමට හා එය අධ්‍යයනය කිරීමට උනන්දු කරවීම.
- නවවි තුමා මෙසේ පවසයි: මස්ජිදයේ අල් කුර්ආනය කියවීම සඳහා ඒකරාශි වීමේ මහිමය මෙය පෙන්වා දෙයි. මෙම සාමුහික කටයුත්තේ මහිමය සාක්ෂාත් කර ගැනීම සඳහා, සර්ව බලධාරී අල්ලාහ්ගේ අභිමතය පරිදි පාසලක, අධ්‍යපන ආයතනයක හෝ ඒ හා සමාන රැස්වීම් මස්ජිදයට අනුයුක්ත කර ඇත.
- ප්‍රතිඵල පෙළ ගැසෙනුයේ ක්‍රියාවන් මත පදනම්ව මිස පරම්පරාව මත පදනම්ව නොවේ.