- මිනිස් අස්ථි හා සන්ධි එකිනෙකට ඇමිණී පිහිටීම උත්තරීතර අල්ලාහ්ගේ මහත් ආශිර්වාදයකි. එබැවින් ඒ සෑම අස්ථියක් සඳහා දානයක් පිරිනැමිය යුතු වේ. විශේෂයෙන්ම එම ආශීර්වාදය සඳහාම කෘතඥ පූර්වක විය යුතු ය.
- එම ආශිර්වාදය කාලය පුරාවටම පවතින බැවින්, සෑම දිනකම අලුතින් කෘතඥවීම සඳහා උනන්දු කරවීම.
- සෑම දිනකම අතිරේක නැමදුම් හා දානයන් නිරන්තරයෙන්ම ඉටු කිරීම සඳහා උනන්දු කිරීම.
- ජනයා අතර සමතය ඇති කිරීමේ මහිමය.
- මිනිසා තම සහෝදරයාට උදව් කිරීම සඳහා දිරි ගැන්වීම, සැබැවින්ම ඔහු ඔහුට උදව් කිරීම දානයක් වේ.
- සාමුහික සලාතයට සහභාගී වීමටත්, ඒ වෙත පා ගමනින් යාමටත්, එමගින් මස්ජිදය ගොඩනැගීමටත් දිරි ගැන්වීම.
- මිනිසුන්ට හානි දායක වන හෝ ඔවුනට පීඩා ගෙන දෙන දෑ වලින් ඉවත් වී ඔවුන්ගේ මාර්ගවලට ගරු කළ යුතුය.