- උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් පමණක් වන අවංක ආදරයේ මහිමය. එය ලෞකික යහපත වෙනුවෙන් නොවිය යුතුය.
- අල්ලාහ් විෂයයෙහි ආදරය කරනු ලබන්නාට තම ආදරය ගැන දන්වා සිටීම සතුටු දායකය. එය ආදරය හා සෙනෙහස වැඩි කරනු ඇත.
- දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර ආදරය පතුරුවාලීම, දේව විශ්වාසයේ සහෝදරත්වය ශක්තිමත් කරන අතර සමාජය බිඳවැටීමෙන් හා බෙදී යාමෙන් ආරක්ෂා කරයි.