- කුහකයාගේ ඇතැම් ලක්ෂණය මෙහි විස්තර කර ඇත්තේ ඒ ගැන බිය ඇති කිරීමටත් එහි ඇද වැටීම ගැන අවවාද කිරීමටත් බව සළකන්න.
- හදීසයේ අදහස නම්: සැබැවින්ම මෙම කරුණ කුහකත්වයේ කරුණු වෙති. අදාළ පුද්ගලයා මෙම කරුණුවල දී කුහකයින්ට සමාන වන්නේය. ඔවුන්ගේ ගතිගුණවලින් හෙබි අයකු වන්නේය. නමුත් ඔහු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේපය සඟවා තබාගෙන ඉස්ලාමය ප්‍රදර්ශණය කරන කුහකයකු තරමට වන්නේ නැත. කවරෙකු තුළ මෙම කරුණු තුන ඉක්මවා ගොස් ඒ ගැන ඔහු නොසැළකිලිමත් වී එය සුළු දෙයක් බව සළකන්නේ ද මෙම ප්‍රකාශය අදාළ වනුයේ ඔහුට බව ප්‍රකාශ වෙයි. එසේ ඔහු එම තත්ත්වයේ පසුවූයේ නම්, ඔහු බොහෝ විට ප්‍රතිපත්තිමය වශයෙන් ද දූෂිත අයකු වේ.
- ගස්සාලි තුමා මෙසේ පවසයි: ආගමේ මූලය කරුණු තුනකට සීමා වී ඇත. එනම් ප්‍රකාශය, ක්‍රියාව සහ චේතනාවයි. මෙය පෙන්වා දෙනුයේ මුසාවාදයෙන් ඇති වන දූෂිත වචනය, ද්‍රෝහි වීමෙන් ඇති වන දූෂිත ක්‍රියාව හා වංක වීමෙන් ඇතිවන දූෂිත චේතනාවයි. ඊට හේතුව පොරොන්දුවක් කඩ කිරීමේ චේතනාව පොරොන්දුව හා සැසඳිය හැකි නම් මිස අපකීර්තියට පත් නොවේ. කෙසේ වෙතත්, ඔහු අධිෂ්ඨාන කර ගත් පසු ඔහුට බාධාවක් හෝ අදහසක් මතු වූයේ නම්, එවිට එය ඔහු තුළ පවතින කුහකකමේ ගුණාංගයක් බව සළකනු නො ලැබේ.
- කුහක භාවය වර්ග දෙකකි: ප්‍රතිපත්තිමය වශයෙන් පවතින කුහකත්වයයි. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයෙන් ඔහුව බැහැර කරයි. එනම් ඉස්ලාමය ප්‍රදර්ශනය කරමින් ප්‍රතික්ෂේපය ඔහු තුළ සඟවා ගැනීමය. අනෙක ක්‍රියාව මත පදනම් වූ කුහකත්වය. එනම් ඔවුන්ගේ ගතිගුණ කුහකයින්ට සමාන වීමය. එය අදාළ පුද්ගලයාව දේව විශ්වාසයෙන් බැහැර නොකරන නමුත් එය මහා පාපයන්ගෙන් එකක් බව විද්වතුන් පවසති.
- ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සැබැවින්ම තම හදවතින්, තම දිවෙන් විශ්වාස කර ක්‍රියාවෙන් මෙය සහතික කර සිටින්නා අවිශ්වාස කරන්නෙකු ලෙස විනිශ්චය නොකෙරෙන අතර ඔහු කෙරෙහි දේව ප්‍රතික්ෂේපයේ නීතිය බල පවත්වන්නේ නැත. ඔහු අපා ගින්නේ සදාතනිකභාවය හිමි කර ගන්නා කුහකයකු නොවන බව විද්වතුන් සියළු දෙනාම ඒකමතිකව එකඟ වී ඇත.
- නවවි තුමා මෙසේ පවසයි: විද්වතුන්ගෙන් පිරිසක් මෙසේ පවසා ඇත: එනම් මෙහි 'කුහකයෝ' යනුවෙන් අදහස් කරනුයේ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ සිටි, ඔවුන්ගේ දේව විශ්වාසය ගැන කතා කර, පසුව බොරු කළ, ඔවුන්ගේ විශ්වාසය මත සහතික වී පසුව ද්‍රෝහි වූ, ආගමික කටයුතු සම්බන්ධයෙන් හා එයට උපකාර කරන බවට පොරොන්දු වී පසුව එය කඩ කර ඔවුන්ගේ ආරවුල්වල අකෘතඥ විය.