- උත්තරීතර අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් තොරව නිවෙස් පාළුවට අත්හැර දැමීමෙන් වැළැක්වීම.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල බැහැ දැකීම සඳහා වන්දනා ගමනෙහි යෑමේ තහනම. හේතුව සැබැවින්ම එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීම නියෝග කර ඇති කරුණක් වන අතර එය එතුමාණන් ළඟා වනු ඇතැයි දන්වා ඇති බැවිනි. සැබැවින්ම වන්දනා ගමන යා යුත්තේ මස්ජිදය හා එහි සලාත් ඉටු කිරීම අරමුණු කොට ගෙනය.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල වෙත නියමිත කාලයක දී නියමිත ක්‍රමයක් අනුව විටින් විට බැහැදැකීමෙන් එය උත්සවාකර්ශයට පත් කිරීමේ තහනම.
- සෑම කාලයකම හා සෑම ස්ථානයකම එතුමාණන් කෙරෙහි සලවාත් හා සලාම් පැවසීම ආගමානුගත කිරීමෙන් තම පරමාධිපති ඉදිරියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු ගෞරවය.
- මිනීවලවල් අසල සලාත් ඉටු කිරීම තහනම් කර තිබීම සහාබාවරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලාත් ඉටු කරනු නොලබන සොහොන් මෙන් පත් කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත.