- අල්ලාහ් මත දිවුරා සිටීම බරපතල කරුණකි. එබැවින් අවශ්‍යතාවකට හැර එසේ නොකළ යුතුය.
- තහනම් ඉපැයීම් එහි ප්‍රමාණය අධික වුව ද, සැබැවින්ම එහි සමෘද්ධිය ඉවත් කරනු ලබන අතර එහි කිසිදු යහපතක් දැක ගත නොහැකි වේ.
- කාරී තුමා මෙසේ පවසයි: "උපයන දෑහි අභිවෘද්ධිය පහව යනු ඇත. එක්කො ඔහුගේ ධනය විනාශ කර දමන යමක් එකතු වීමෙන් හෝ මෙලොව ඔහුට ප්‍රයෝනජවත් නොවන හෝ මතුලොවෙහි ද ඔහුට කුසල් හිමි කර නොදෙන කරුණක් සඳහා වියදම් කිරීමෙන් හෝ තමන් සමඟ තැන්පතුවෙහි තිබුණ ද එහි ප්‍රයෝජනය අහිමි කිරීමෙන් හෝ ඔහුට ස්තූති නොකරන උදවියට එහි උරුමය ලබා දීමෙන් හෝ විය හැක."
- නවවි තුමා මෙසේ පවසයි: "ව්‍යාපාර ගනුදෙනුවක අධික ලෙස දිවුරා සිටීමේ තහනම මෙහි පවතී. අවශ්‍යතාවක් නැති දෙයකට දිවුරා සිටීම පිළිකුල් සහගතය. භාණ්ඩය ප්‍රවර්ධනය කිරීම ද එයට එකතු වේ. ඇතැම් විට එම දිවුරීම තුළින් ගැණුම්කරු රැවටීමට ලක් කරනු ඇත.
- අධික ලෙස දිවුරා සිටීම ඊමාන් හෙවත් දේව විශ්වාසයේ ඌනතාවයකි. තව්හීද් හෙවත් දේව ඒකීයකරණයේ අඩුවීමකි. සැබැවින්ම අධික ලෙස දිවුරා සිටීම කරුණු දෙකක් වෙත යොමු කරයි. පළමුවැන්න: එහි ලිහිල්වීම සහ උදාසීන වීමය. දෙවන කරුණ: බොරුවයි. කවරෙකුගේ දිවුරීම් වැඩි වූයේ ද ඔහු බොරුව තුළට ඇද වැටෙයි. එවිට ඒ සම්බන්ධව හීනමානයක් ඇති වනු ඇත. එසේ අධිකව දිවුරා නොසිටීම දේව විශ්වාසයෙන් කොටසකි. සුවිශුද්ධයාණෝ මෙසේ පවසා ඇත්තේ එබැවිනි. (ඔබේ දිවුරීම් ඔබ ආරක්ෂා කර ගන්න.) (අල්-මාඉදා: 89)