/ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතු...

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතු...

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

අං සහිත කළු සුදු මිශ්‍රිත පිරිමි බැටළුවන් දෙදෙනකු ඊදුල් අල්හා දින නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම අතින්ම කපා හැරිය බවත් එහිදී එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා සිටි බවත් එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූ බවත් අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

Hadeeth benefits

  1. අල්හා උත්සව දින උල්හිය්යා දීම ආගමානුගත කරන ලද්දකි. ඒ සම්බන්ධයෙන් සියලු මුස්ලිම්වරු එකඟ වී ඇත්තාහ.
  2. උල්හිය්යා දීමේ දී වඩාත් උතුම් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර සත්වයකු උල්හිය්යා වශයෙන් ලබා දුන්නේ ද එම වර්ගයෙන්ම එය වීමය. එය‌ නෙතට දැකුම්කළු වන බැවින් හා උගේ මාංශ හා උගේ මේදය වඩාත් පිවිතුරු වන බැවිනි.
  3. නවවි තුමා මෙසේ පවසයි: තම උල්හිය්යා සත්වයා තමන් විසින් කපා හැරීමේ වගකීම දැරීම වඩාත් යෝග්‍යය වේ. යම් කිසි කාරණාවක් මත හැර එය කපා හැරීමට වෙනත් කිසිවකුට භාර නොදිය යුතුය. එසේ වුව ද එය කපා හරින අවස්ථාවේ සහභාගී වීම සතුටු දායකය. එහි දී එය මුස්ලිම්වරයකුට පවරන්නේ නම් කිසිදු විරුද්ධත්වයකින් තොරව එය අනුමත වන්නේය.
  4. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සත්වයා කපන විට එහිදී බිස්මිල්ලාහ් යැයි පැවසීමත් සමග අල්ලාහු අක්බර් යැයි තක්බීර් පැවසීම සතුටුදායක වේ. එමෙන්ම උල්හිය්යා සත්වයාගේ දකුණු බෙල්ල මත පාදය තැබීම ද සතුටුදායකය. එසේ තැබීමෙන් සත්වයා කපන්නාට දකුණතින් පිහිය ගැනීමටත් ඔහුගේ වම් අතින් උගේ හිස ඇල්ලීමටත් පහසු වනු ඇත.
  5. අං ඇති සතුන් උල්හිය්යා සඳහා යොදා ගැනීම යෝග්‍යය. එසේ නොවූව ද වලංගු වන්නේය.