- නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන් ආගමික සීමාවන් ඉක්මවා ගොස්, අල්ලාහ් හැර දමා ඒවා නැමදුම් කිරීමට ගැනීම. බහුදේව වාදයට තුඩු දෙන හේතු සාධකවලින් වැළකී සිටීම අනිවාර්යය වේ.
- මිනීවලවල් ගරුබුහුමන් කිරීම සඳහාත් ඒවා අබියස නැමදුම් කිරීම සඳහාත් ඒවා උත්තරීතර අල්ලාහ්ට වඩාත් සමීපතයින්ගේ වුව ද ඒවා අරඹයා වන්දනාවේ යෑම නුසුදුසු ක්‍රියාවකි.
- මිනී වලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම.
- මිනී වලවල් අසළ සලාත් ඉටු කිරීමේ තහනම. ජනාසා සලාතයට හැර වෙනත් සලාත් ඉටු කිරීම සඳහා නිර්මාණය කර නොමැති ස්ථානයක වුව ද එසේමය.