- විවාහය වලංගු වීමේ දී එක් කොන්දේසියක් වනුයේ භාරකරුවකු සිටීමය. වලී හෙවත් භාරකරුවකු නොමැතිව විවාහය සිදු වූයේ නම්, හෝ කාන්තාව තමන් විසින්ම විවාහය කර ගන්නේ නම් හෝ එම විවාහය වලංගු වන්නේ නැත.
- වලී හෙවත් භාරකරු විය යුත්තේ ඔහු කාන්තාවට වඩාත් සමීප වූ තැනැත්තාය. වඩාත් සමීප කෙනෙකු සිටිය දී දුරින් සිටින භාරකරුවකු විසින් ඇයව විවාහ කර දෙනු නොලැබේ.
- භාරකරුවා සම්බන්ධයෙන් ගත් කළ: ඔහු වැඩිවියට පත් වූ අයකු විය යුතුයි. පිරිමියෙකු විය යුතුයි. විවාහයේ හොඳ නරක පිළිබඳ දැනුම ඇති මඟපෙන්වන්නෙකු විය යුතුයි. භාරකරු අතර හා භාර කරනු ලබන තැනැත්තා අතර දහම පිළිබඳ එකඟතාවක් තිබිය යුතුයි. ඒ අනුව, කවරෙකු මෙම ගුණාංගවලින් වර්ණනා කරනු නොලැබුවේ ද විවාහ ගිවිසුමේ දී භාරකාරත්වය දරන්නට ඔහු සුදුස්සෙකු විය නොහැක.