- දුරාචාරයේ කඩතුරාව වැළැක්වීම සඳහා පිටස්තර කාන්තාවන් අතරට පිවිසීමේ හා ඔවුන් සමග තනිවීමේ තහනම.
- කාන්තාවකට මහ්රම් නොවන සැමියාගේ සහෝදරයා හා ඔහුගේ ඥාතීන් අතරින් පිටස්තරයන් සම්බන්ධයෙන් වූ පොදු ප්‍රකාශයකි මෙය. තනිවීමේ හැකියාව ඇති අවස්ථාවන්හි එසේ පිවිසීම ගැන සැළකිලිමත් විය යුතුය.
- නපුරකට වැටෙනු ඇතැයි යන බිය නිසාවෙන්, පොදුවේ වැරදි සිදුවිය හැකි තැන්වලින් දුරස්වීම.
- නවවි තුමා මෙසේ පවසයි: භාෂා විශාරදයින්ගේ ඒකමතික අදහස වනුයේ 'හම්වු' නැතහොත් එහි බහුවචනය වන අහ්මා යන අරාබි පදයෙන් කාන්තාවකගේ ස්වාමිපුරුෂයාගේ පියා, ඔහුගේ බාප්පා හෝ මහප්පා, ඔහුගේ සහෝදරයා, ඔහුගේ සහෝදරයාගේ පුතා, ඔහුගේ මාමා හා එවැනි ඥාතීන්ය. එමෙන්ම අහ්තාන් යන අරාබි පදයෙන් බිරියගේ ඥාතීන් පිළිඹිබු වේ. තවද අස්හාර් යන අරාබි පදයෙන් අඹුසැමි දෙවර්ගයට අයත් ඥාතීන් පිළිඹිබු වේ.
- හම්වු යන අය මරණයට සමාන කර ඇත. ඉබ්නු හජර් තුමා පවසා සිටිනුයේ, අරාබිවරු පිළිකුල් සහගත දෑ ගැන වර්ණනා කරනුයේ 'මව්ත්' හෙවත් මරණය යනුවෙනි. එසේ සමාන කිරීමේ ස්වරූපය නම්, සැබැවින්ම පාපයේ වැටුණේ නම් එය දහමේ මරණය යි. පාපෙය් වැටී ගල් ගසා මරා දැමීම අනිවාර්යය වූයේ නම් එය ජීවිතයේ අවසානයයි. ඊර්ෂ්‍යාව ඇයව දික්කසාද කිරීමට ඔහුව පෙළඹවූයේ නම් තම ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීම ඇයගේ විනාශයයි.