- නබිවරුන්ගේ හා දැහැමියන්ගේ සොහොන් අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා දේවස්ථාන බවට පත් කර ගැනීමේ තහනම. හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කරන මාධ්‍යයක් වන බැවිනි.
- අල්ලාහ්ගේ දූතයාණන්ගේ දැඩි උනන්දුව, ඒකදේවවාදය කෙරෙහි එතුමාණන් දැක්වූ සැලකිල්ල සහ සොහොන් වන්දනාව කෙරෙහි ඇති බිය; මක්නිසාද යත් එය බහුදේවවාදයට මග පාදන කරුණක් වන බැවිනි.
- යුදෙව්වන් හා කිතුනුවන් මිනීවලවල් මත ගොඩනැගිලි ඉඳි කොට, ඒවා දේවස්ථාන බවට පත් කර ගැනීම හේතුවෙන් ඔවුන්ට හා ඒ හා සමාන ක්‍රියාවන්හි නිරත වන්නන්හට දොස් නැගීමේ අවසරය.
- මිනීවලවල් මත සොහොන් තැනීම යුදෙව් හා කිතුනුවන්ගේ පිළිවෙතයි. ඔවුනට සමානව කටයුතු කිරීම මෙම හදීසයේ තහනම් කර ඇත.
- මිනී වලවල් සලාත් ඉටු කරන දේවස්ථාන ලෙස ගැනීමත් ඒ මත දේවස්ථානයක් ඉදි නොකළ ද එය නැමදුම් කරන දිශාවක් බවට පත් කර ගැනීමත් තහනම් වේ.