- දේව විශ්වාසය සහිත සහෝදරත්වය ගොඩ නගන දෑ පිළිබඳ නියෝග කිරීම. ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ හා ක්‍රියාවන්ගෙන් වැළැක්වීම.
- හදවත තුළ තිබිය යුතු තක්වා හෙවත් ශ්‍රද්ධාවෙහි මූලය නම්, අල්ලාහ් පිළිබඳ දැනුම, ඔහුගේ බිය හා ඔහුගේ අධීක්ෂණය පිළිබඳ අවබෝධයයි. මෙම තක්වා හෙවත් ශ්‍රද්ධාව ඇති වනුයේ දැහැමි ක්‍රියාවන්හි නිරත වීමෙනි.
- මතුපිටින් පෙනෙන අපගමනය හදවතේ දුර්වල භක්තිය පෙන්නුම් කරයි.
- වචනයෙන් හෝ වේවා ක්‍රියාවෙන් හෝ වේවා කවර ක්‍රමයකින් හෝ වුව ද මුස්ලිම්වරයනුට හිංසා කිරීම තහනම්ය.
- මුස්ලිම්වරයකු වෙනත් අයකු මෙන් වීමට ආශා කිරීම ඊර්ෂ්‍යාව නොවන්නේය. නමුත් අනෙක් අය සතුව ඇති දෑ අහිමි කිරීමට අපේක්ෂා නොකළ යුතුය. මෙය 'ගිබ්තා' නම් සතුටුදායක වේ. එය යහපත් කටයුතු වලදී තරඟකාරිත්වය සඳහා උපකාර කරන වලංගු ක්‍රියාවකි.
- යහපත් කටයුතුවලදී කෙනෙකු තමන්ට වඩා ඉහළ යෑම ප්‍රිය නොකිරීම මිනිසාගේ සහජ ගතියකි. නමුත් අනෙකාට එය අහිමි විය යුතු යැයි ප්‍රිය කිරීම අවමන් සහගත ඊර්ෂ්‍යාවකි. ඔහු තරගකාරිත්වයට ප්‍රිය කරන්නේ නම් එය වලංගු සතුටුදායක ක්‍රියාවකි.
- ව්‍යාපාරිකයා තම ව්‍යාපාර කටයුතුවලදී වංචා සහගත දුෂ්ඨ අයෙකි යැයි පාරිභෝගිකයාට පවසා සිටීම මුස්ලිම්වරයකු තම සහෝදරයාගේ ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීමක් ලෙස අදහස් කරන්නේ නැත. එය අත්‍යවශ්‍ය උපදෙසකි. නමුත් එය පාරිභෝගිකයාට උපදෙස් දීමේ චේතනාවෙන් මිස ව්‍යාපාරිකයාට හිංසා කිරීමේ චේතනාවෙන් නොවිය යුතුය. සියලුම ක්‍රියාවන් චේතනාවන් අනුව පිහිටනු ඇත.
- ගනුදෙනු කරුවන් දෙදෙනා එකඟ නොවූයේ නම්, සහ මිල තීරණය කර නොමැත්තේ නම්, එවන් ගැනුම්කරුවෙක් සමග ව්‍යාපාර කිරීම තම සහෝදර මුස්ලිම්වරයාගේ ව්‍යාපාරයට එරෙහිව සිදු කරන ව්‍යාපාරයක් ලෙස නොසැළකේ.
- හදීසයේ සඳහන් ව ඇති තහනම් කරන ලද කෝපය හා ක්‍රෝධය අතරට අල්ලාහ් සම්බන්ධයෙන් කෝප වීම ඇතුළත් වන්නේ නැත. එසේ අල්ලාහ් සම්බන්ධයෙන් කෝප වීම අනිවාර්යය කටයුත්තකි. එය දේව විශ්වාසයේ ශක්තිමත්ම බැඳීම්වලින් එකකි.