- බොරුවට දිවුරා සිටීම ඉතා බරපතල භයානක වරදක් වන බැවින් ඒ සඳහා ගැලවීමේ ප්‍රතිකර්මයක් නැත. සැබැවින්ම එහි ඇත්තේ තව්බා නොහොත් පශ්චාත්තාප වී සමාව අයැදීම පමණි.
- මෙම හදීසයේ මෙම බරපතල පාපකම් කෙටියෙන් සඳහන් කර ඇත්තේ ඒවායෙහි පාපය අතිමහත් වන බැවිනි. නමුත් ඒවාට පමණක් සීමා වන්නේ නැත.
- පාපකම් මහා හා කුඩා යනාදි ලෙස බෙදී ඇත. මහා පාපකම් යනු, දණ්ඩ නීතියට හා ශාපයට ලක්වන ආකාරයේ ලෞකික වශයෙන් දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන හා අපා ගින්නට පිවිසීමේ අනතුරු අඟවා ඇති පරිදි, මතුලොව අනතුරු අඟවා ඇති, මතුලොව දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන සෑම පාපයක්ම වේ. මහා පාපයන් බරපතලය. තහනම් කිරීමේ දී ඇතැම් පාපකම් ඇතැම් දෑට වඩා දරුණුය. මෙම මහා පාපකම් හැර සෙසු දෑ සුළු පාපයන් ලෙස සැළකේ.