- පාපකම් අතරින් බරපතලම පාපය අල්ලාහ්ට ආදේශ තැබීමය. එය මහා පාපයන්ගේ හදවත හා විශාලතම පාපය බවට අල්ලාහ් එය පත් කර ඇති බැවිනි. උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයක් මෙය තවදුරටත් සහතික කරයි. "සැබැවින්ම තමන්ට ආදේශ කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් සමාව නොදෙන අතර ඒ හැර වෙනත් දෑට ඔහු අභිමත කරන්නන්හට සමාව දෙනු ඇත."
- දෙමව්පියන්ට ඉටු කළ යුතු වගකීම්හි වැදගත්කම: ඔවුන් දෙදෙනාට වගකීම් ඉටු කිරීම තමාට ඉටු කරන වගකීම් සමග උත්තරීතර අල්ලාහ්ගේ සම්බන්ධ කර ඇත.
- පාපකම් මහා හා කුඩා යනාදි ලෙස බෙදී ඇත. මහා පාපකම් යනු, දණ්ඩ නීතියට හා ශාපයට ලක්වන ආකාරයේ, ලෞකික වශයෙන් දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන හා අපා ගින්නට පිවිසීමේ අනතුරු අඟවා ඇති පරිදි මතුලොව අනතුරු අඟවා ඇති මතුලොව දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන සෑම පාපයක්ම වේ. මහා පාපයන් බරපතලය. තහනම් කිරීමේ දී ඇතැම් පාපකම් ඇතැම් දෑට වඩා දරුණුය. මේ මහා පාපකම් හැර සෙසු දෑ සුළු පාපයන් ලෙස සැළකේ.