- මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
- සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
- ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
- අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.